Local NewsNews

කොරෝනා එන්නත්කරණය පිලිවෙලක් වෙයි.. එන්නත දෙන අයට SMS එවයි..

කොරෝනා මර්ධන එන්නත් කරනය සිදු කරන ස්ථානය හා දිනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ එම ප්‍රදේශයට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙම නව ක්‍රමය අනුගමනය කරන්නේ සටිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ සඳහා බවද ඔහු පැවසීය.

එමෙන්ම එන්නතේ පළමු මාතාව ලබා දීමේදී ද ඊට සමාන ක්‍රියාවලියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

එන්නකරන වැඩපිළිවෙලට සහාය දීම විනා ඊට බාධා වන කටයුත්තක් නො කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

එන්නත්කරන වැඩසටහනට සහභාගි වන අවස්ථාවන්හි ජනතාව සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

Related posts

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

Malar FM

ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයි

Malar FM

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට යයි තොරතුරු…

Malar FM