Local NewsNews

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

ගැටලූ සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.

වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට අයත් මුහුදු තීරය සම්පූර්ණයෙන්ම විනාශ වන තත්ත්වයකට පත්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

Malar FM

හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයි

Malar FM

අලුත් අගමැති යෝජනා කෙරේ…

Malar FM