Local NewsNews

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ හිටපු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලි සිටි ජාතික සමගි ජන බලවේගයේ  නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ

රටේ පවතින කොවිඩ් අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමා නිතිය නිසා ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

ඒ අනුව වැඩි කල ඉන්ධන මිල වහාම අඩු කිරිමට රජය කටයුතු කල යුතු බවද සසංක සම්පත් සංජිව මහතා කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ  

Related posts

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Malar FM

මැතිවරණ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 2 ඇතුළු පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

Malar FM

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

Malar FM