Local NewsNews

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.

ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.

නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.

විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.

Related posts

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Malar FM

මා බ‍්‍රිතාන්‍යයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්.. ලෝකය හා ගණුදෙනු කිරීමේ දැනුම මා සතුයි..

Malar FM

මාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!

Malar FM