International NewsNews

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

මන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රීලාංකිකයින 19 දෙනෙකු ඊයේ (10) දිනයේදීද ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන ඇති බවට වාර්ථා වෙයි.

යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 10 දෙනෙකු සහ ත්‍රීකුණා මළය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 09 දෙදෙනකු යාත්‍රා දෙකකින් පැමිණ ඇති අතරම එම පිරිස් අතර කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බවත් එම පිරිස් මේ වන විට මණ්ඩපම් සරණාගත කඳවුරේ නවතා ඇති බවටද ඉන්දීය නාවික හමුදාව මගින් පෙන්වා දෙයි.

මේ අතර පසුගිය 08 වනදාද ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයට තලෙයිමන්නාරමේ සිට අනවසරයෙන් ගිය පවුලකට අයත් පුද්ගලයින් 04 දෙදෙනකු තමිල්නාඩු නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන තිබුණි.

මීට පෙර මාර්තු මාසයේදීද පුද්ගලයින් 16 දෙනෙකු යන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයේදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් රැඳවුම් භාරයට ගනු ලැබීය.

ඉන්දියාවට ගිය සියලු ශ්‍රීලාංකිකයින් ඉන්දීය බලධාරීන්ට පවසා ඇත්තේ තමන්ට ලංකාවේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවීම මත මෙලෙස ඉන්දියාවට පැමිණි බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Malar FM

මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…

Malar FM

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

Malar FM