BusinessBusiness NewsNews

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

ශ්‍රී ලංකාව තුළ අඩු පිරිවැයකින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉන්දීය ආයෝජකයන් කැමැත්තෙන් සිටියත් මෙරට දේශපාලකයන් විසින් කොමිස් හා අල්ලස් ඉල්ලන නිසා ඔවුන් එවැනි ආයෝජන සිදු කිරීමට අකමැත්තක් දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

තමන් පසුගිය දා ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කළ බවත් එහිදී එම කර්මාන්ත කරුවන් සමග කරන ලද සාකච්ඡා වල දී ඔවුන් මේ බව පැවසූ බවද මන්ත්‍රීවරයා කීය.

අඩු පිරිවැයකින් කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටිය ද මෙරට රජය එවැනි සංවර්ධන කටයුතුවලට ඉඩක් ලබා නොදෙන නිසා එම ආයෝජනයන් සිදු වන්නේ නැති බව ද ඒ මහතා පැවැසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදි.

Related posts

රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

Malar FM

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Malar FM

ගුවනේදී ගැටුමක්: KL-චෙංඩු එයාර් ඒෂියා ගුවන් යානයකදී ශබ්ද ආරවුලක් දුරදිග යයි

Malar FM