NewsPolitical

මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර වලින් ගොවිතැන් කිරීම අසාර්ථක බව ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ජනතාවට වැඳ ඔවුන්ගෙන් සමාව ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

කාබනික පොහොරෙ භාවිතා කර 1%ක් ගොවිතැන් කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බව ද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මේ ආකාරයට කටයුතු කිරීම මත රට සාගතයක් කරා යාම පමණක් නොව ඉතා බරපතළ කැරළිකාරී තත්ත්වයක් මෙන්ම සමාජ පිපිරුමක් ඇති වීමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Malar FM

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Malar FM

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Malar FM