NewsPolitical

අගමැති ලේකම් සමන් ඒකනායක…

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා සිව්වන වතාවට එම ධුරයට පත් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඒ මහතා වසර 30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන් හි සේවය කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

චිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…

Malar FM

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Malar FM

පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශ

Malar FM