Local NewsNews

අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…

මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නය තුළ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී 2022 / 23 මහ කන්නයේදී අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට එම සංවිධානය එකඟතාවය පළ කර තිබේ.

එක් ගොවි පවුලකට යූරියා පොහොර මල්ලක් බැගින් දිවයින පුරා අඩු ආදායම්ලාභී ගොවි පවුල් 3,65,000කට මෙම යූරියා පොහොර ලබා දීමට මේ වනවිට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ලබන මාස් කන්නය තුළ කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල් 14,000කට එක් පවුලකට රු.18,000 ( ඩොලර් 50ක මුදලක් ) බැගින් මුං වගාව සඳහා ආධාර මුදලක් වශයෙන් ලබා දීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කරනු ලැබීය.

විශේෂයෙන්ම අප රටේ ආහාර අර්බුදකාරී තත්ත්වයත් සමඟ රටේ ජනතාවට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර බෝග වගා කිරීම සඳහා ක්‍රියාත්මක කරන එක් වැඩපිළිවෙලක් ලෙස මුං වගාව ප්‍රචලිත කරන ලෙස ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධව පළ කළ ඔවුන්ගේ වාර්තාවේ ද ඇතුළත් කර තිබේ.

මෙම ආධාර මුදල් එම සංවිධානයට නැවත ගෙවීමට සිදු නොවන අතර, කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම දැනට අත්හිටුවා තිබෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුං ඇට, බඩඉරිඟු සහ සෝයා අපේ රට තුළ වගා කිරීමට ලබන මාස් කන්නයේදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මාධ්‍ය ඒකකය

Related posts

සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

Malar FM

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Malar FM

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Malar FM