Local NewsNews

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ජනවාරි මස පළවෙනිදා වන විට නැවතීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

වාරකන් කාලයට පෙර නැවෙන් ගල් අගුරු ගෙන ඒමට නොහැකි වූවොත් ත‍්‍රිකුණාමල වරායට ගෙනවිත් එතනින් ලොරිවලින් ගෙන එන බවට විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත් එය ප්‍රායෝගික නොවන බව සංගමයේ සභාපති සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

මත්තලට ගුවන් මගින් ගල් අගුරු ගෙනැවිත් එතැන් සිට අධිවේගී මාර්ගයෙන් නොරොච්චෝලට ගෙන දෙන බවටද ඉදිරියේදී ප‍්‍රකාශ කලහොත් පුදුම නොවන බවද ඔහු සදහන් කරයි.

කෙසේ හෝ නොරච්චෝල බලාගාරය දිගටම ක‍්‍රියාත්මක කරන්න නම් ජනවාරි පලමුවැනිදා වන විට ගල් අගුරු නැවක් පැමිණිය යුතුම බවත් පැවසූ ඔහු දැනට පවතින තත්ත්වය මත ජනවාරි මාසයේ මුල් සතිය තුල ගල් අගුරු නොමැතිව විදුලි සැපයුම දැඩි අර්බුදයක් වන බවද කියා සිටියේය.

Related posts

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Malar FM

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Malar FM

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Malar FM