Local NewsNews

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එක් කල අතර ඊට සමාජ ජාලවල දැඩි විරෝධතාව එල්ල වෙමින් තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ගීය රැප් හෝ නැවත මිශ්‍ර කර ගායනා කිරීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඊට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජාතික ගීය ගායනා කිරීම සම්මත ක්‍රමයක් ඇති බවත් මෙම ප්‍රවණතා වන්ට ඉඩ දුනහොත් ඉදිරියේදී ජාතික ගීය නිරුවතින් ගායනා කළ ද තමන් පුදුම නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?

Malar FM

බොරු මැණික් දී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු අල්ලයි…

Malar FM

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Malar FM