NewsSportsSports News

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහු සමග කිසිදු ලබැදියාවක් නැති බවද නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනයේ කියා සිටී.

2017-2018 කාලවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිධුරය දරන ලද තිලංග සුමතිපාල මහතාගේ ආරාධනාවක් මත රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීමට කොළඹ ව්‍යාපාරික හා කළමණාකාර විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කර තිබූ බවද නිවේදනය සඳහන්ය.

නමුත් ඒ වෙනුවෙන් ඔහුට පෞද්ගලික කිරීමක් කර නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

Malar FM

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Malar FM

මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…

Malar FM