NewsPolitical

ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේ

දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඒ අනුව නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර තිබේ.

නායයෑමේ අවදානම් සහිත ස්ථානවලින් පුද්ගලයින් 50000ක් පමණ ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර තිබේ.

නාය යාමේ තර්ජනයට ලක් වූ නිවාස 1685ක ජනතාව නැවත පදිංචි කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Malar FM

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

Malar FM

‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..

Malar FM