Local NewsNews

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

ඉදිරි යල කන්නයේදී රටට දරුණු නියඟ තත්ත්වයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ අනාවැකි පළ කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එනිසා කිසිදු බෝගයක් වගා කිරීමට නොහැකි වන පරිදි ජල හිගයක් ඇති වනු ඇති බව ද හෙතෙම පැවසීය.

රටේ සෑම ප්‍රදේශයකටම මේ දිනවල වර්ෂාව ඇද හැලුනද පසුගිය යන කන්නයට වඩා දරුණු නියගයක් ලබන යල කන්නයේදී ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.

එනිසා ජලාශවල ඒකරාශි වී ඇති ජලය ඉතාම අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

දෙසැම්බර් මස අවසන් වන විට ඇතිවන ලානිනා නැමැති ස්වභාවික කාලගුණික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ආයතන අනාවැකි පල කර ඇති බවත් එනිසා ජලය පිරිමසා ගැනීම ඉතා වැදගත් බවත් හෙතෙම තවදුරටත් අවධාරණය කරයි.

Related posts

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Malar FM

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

Malar FM

මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..

Malar FM