Local NewsNews

මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුගේ අත්සනිනුත් ලිපියක් කතා නායකවරයා වෙත භාරදෙමින් ඉල්ලා තිබුණේ රාජ්‍ය සේවයේ ඉහළ විධායක නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වලට සමාන වන ලෙස තමන්ටද බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙසයි.

ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම එය එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කතානායකවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමට නියමිතව තිබේ.

Related posts

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Malar FM

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්

Malar FM

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Malar FM