Local NewsNews

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය.

“පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර වේලක් මේ සියලු දෙනාම ලබාගන්නවා කියලා හිතනවා නම් ඒක ඉතාම වැරදි මතයක්.

විශේෂයෙන්ම මට ඉතාම නිර්භයව කියන්න පුළුවන් මේ කෝවිඩ් තත්ත්වයත් එක්කම අපි ඒ වෙනතෙක් තිබුණු සරල රටාවටත් වඩා සරල රටාවකට හුරු වුණා. බොහෝ දේවල් නැතිව සාමාන්‍ය ආහාර වේලක් තමයි මේ මන්ත්‍රීවරුන්ට ලබලා දෙන්නේ. අපි ගෙවල්වල කනවා වගේ කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වගේ එළවලුත් එක්ක මස් හෝ මාළු සමග ආහාර වේලක් ලබාදෙන්නෙ”

Related posts

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Malar FM

යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්

Malar FM

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Malar FM