NewsPolitical

තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයි

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට රජයේ ප්‍රධාන ආයතන නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල වේ. ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල මෑතකදී ඉදිරිපත් කළ කිසිදු තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.

කථානායක කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ “කථානායකවරයාගේ වරප්‍රසාද” පදනම් කරගෙනයි. කෙසේ වෙතත්, අභියාචනාධිකරණ තීන්දුවලදී මහජන නියෝජිතයන් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇත.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ධුරය මාස 6කට වැඩි කාලයක් පුරප්පාඩුව පැවතීම නිසා එහි කටයුතු මන්දගාමී වී ඇත. ඒ හේතුවෙන් “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදය” ඇතුළු සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

Related posts

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Malar FM

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Malar FM

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

Malar FM