NewsPolitical

හිටපු ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් යෝජනාවක්

යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධූරය භාරගන්නා ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රිවරයා එය ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
දැනට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ තිලක් මාරපනයි. ඔහු යටතේ පැවති සංවර්ධන කාර්යය භාර අමාත්‍යංශයේ කාර්යයන් හා වගකීම් සාගල රත්නායක අමාත්‍යවරයා වෙත පවරා ඇතැයිද වාර්තා වුණා.
සංවර්ධන කාර්යය භාර අමාත්‍යංශයේ ලේකම් ධූරයේ කටයුතු කල දර්ශණා සේනානායකද ආපදා කළමණාකරණ අමාත්‍යංශයට මාරුකර ඇතැයි සඳහන්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Malar FM

LPL පුහණුකරුවෙකුට කොරෝනා..

Malar FM

සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවා

Malar FM