Local NewsNews

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

දිවයිනේ බොහෝ පළාත්වලට අද(26) සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේත්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.

එබැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම්  ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ බස්නාහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළබඩ ප්‍රදේශවල වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Malar FM

‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..

Malar FM

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

Malar FM