International NewsNews

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් හදිසියේ නතර කළ හේතුව චීනයෙන් හෙළිකරයි

උතුරු කොරියානුවන් සිය න්‍යෂ්ටික අත්හදා බැලූ ස්ථානය අර්ධ වශයෙන් කඩා වැටී ඇති බවට චීන විද්‍යාඥයින් නිගමනය කරනවා.

2006 සිට අත්හදා බැලිම් සිදුකරනු ලබන පුන්ගිරි-රි (Punggye-ri) බලාගාරය තුල මේ දක්වා න්‍යෂ්ටික පරික්ෂණ 06ක් සිදුකර තිබෙනවා.

අවසන් න්‍යෂ්ටික අත්හදා  බැලිමෙන් පසු ඇතිවු පසුකම්පන මාලාවක් හේතුවෙන් බළාගාරය පිහිටා තිබෙන කඳු පංතියෙන් කොටසක් කඩා වැටෙන්නට ඇති බවයි චීන ගවේෂකයින් විශ්වාස කරන්නේ.

පසුගිය සෙනසුරාදා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් යුන් සිය රටෙහි න්‍යෂ්ටික හා මිසයිල පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමට තිරණය කල බවයි නිවේදනය කළේ.

උතුරු කොරියානු නායකයාගේ එම පුදුම සහගත ප්‍රකාශයට හේතු වුයේ අමෙරිකාව සමග ඓතිහාසික සාකච්ඡාවක් සඳහා සුදානම් වන බැවින් ඔවුන් එම තීරණය ගත් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දුන්නේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී උතුරු කොරියාවේ සිදුකල අවසන් න්‍යෂ්ටික අත්හදා බැලීම විනාඩි 8 තත්පර 30 ක පමන කාලයක් පැවති බවත් ඉන් පසුව බළාගාරය පිහිටි කන්දේ සිරස් අතට කඩා වැටිමක් සිදුව ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

උතුරු කොරියාවේ කඳුකර භූමි ප්‍රදේශයක පිහිටා ඇති පුන්ගිරි-රි (Punggye-ri) බලාගාරය  මන්තාප් කන්දට පහළින් පිහිටා ඇති උමං පද්ධතියක් තුළ න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකර තිබෙනවා.

චීන විද්‍යාඥයින් පවසන්නේ මන්තාප් කදු පංති අභ්‍යන්තර කඩා වැටීම අවට පිහිටි අනෙක් කදු වලටද තර්ජණයක් විය හැකි බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

Malar FM

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

Malar FM

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Malar FM