NewsPolitical

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ  කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන්.

ඉකුත් මාර්තු මස 16වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ වන විට ශී‍්‍ර ලංකාවේ කොවිඞ්-19 රෝගීන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ෆිීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් අද ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙන්නේ ඒ සම්බන්ධයෙන්. හිටපු මන්තී‍්‍රවරයාගේ තලාහේන පිහිටි කාර්යාලයේදී මෙම ප‍්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇතැයිද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන්, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (28) ප‍්‍රකාශයක් ලබා ගත්තා. ඉකුත් මාර්තු මස 17 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා ප‍්‍රකාශය ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රමුඛ පෙළේ පාසලක සිසුන් 25 දෙනෙකුට නව්‍ය කොරෝනා ආසාදනය වී ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් ඊයේ ප‍්‍රකාශයක් ලබා ගෙන තිබෙන්නේද  ඒ සම්බන්ධයෙන්. පැය 03කට වැඩි කාලයක් මෙම ප‍්‍රශ්ණ කිරීම සිදුව තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Malar FM

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

Malar FM

අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

Malar FM