Local NewsNews

නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…

වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන  මළ සිරුරු හතරක්  සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි.

මියගිය අය පිළිබඳව අසල්වැසියෙකු නිවසට ගිය අවස්ථාවේදී පියා ගෙලවැලලාගෙන සිටිනු දැක ඒ පිළිබඳව වව්නියාව පොලීසිට දැනුම් දී ඇත.

පසුව පොලීසිය අදාල නිවසට ගොස් පරික්ෂා කිරීමේදී පියා ගෙල වැලලාගෙන් සිටි බවටත් මව නිදන කාමරයේ නිදා සිටියදී මිය ගොස් ඇති අතරම දරුවන් දෙදෙනා සෝපා පුටුවක නිදා සිටියදී මිය ගොස් සිටයදී මළසිරුරු සොයාගනු ලැබීය.

ගුඩුසේඩ් ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 42 වූ පියා වන කේ. සිවපාද සුන්දරම්, මව වූ  අවුරුදු 36 ක් වයසැති කේ. වර්දරායිනි, 09 හැවරිදි  කේ. කේසරා සහ 03 ආකියෝර් නැමති සිව් දෙනෙකුගේ මළසිරුරු හමු වී ඇත.

මිය ගිය පියා ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ ව්‍යාපාරයක් සිදු කොට ඇති අතර මව ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිට ඇති අතරම මවට සහ පියාට ඇති වූ පීඩණයක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගන්නට ඇතැයි සැක පල කරන අතරම මිය යාමට නිශ්චිතවම හේතුව අනාවරනය වී නොමැති බවටද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීණ් හා ඥාතීන් පවසා ඇත්තේ මව සහ පියා කිසියම් ණය ගැටලුවක් නිසාවෙන් පීඩා විඳි බවටයි.

මිය ගිය අයගේ මළසිරුරු මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරු මරණ පරික්ෂණ කටයුතු සඳහා වව්නියාව මහරෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බවටත් අදාල සිදුවීම පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Malar FM

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Malar FM

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

Malar FM