Local NewsNews

පෙරහැරේ යන අලින්ට උසුලු විසුලු කරන්න එපා..

පෙරහැර නැරඹීමේදී අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙස කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

විශේෂයෙන් පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට උසුලු විසුලු කිරිමෙන් වලකින ලෙස දැනුම් දෙයි.

ඇතැම් කුඩා දරුවන් සහ තරුණ පිරිස් විසින් පෙර හැරේ ගමන් ගන්නා අලි ඇතුන් දෙසට විවිධ ආලෝක කිරණ නිකුත් කිරීමට කටයුතු කරන බව වාර්තා වී තිබේ.

එවැනි කටයුතු වලින් අලි ඇතුන් බියට පත්වී නොසන්සුන් වන බව පැවසීය. ඒ හේතුවෙන් පෙරහැර පැවැත්වීමට බාධා මතුවෙයි.

ඒ හේතුවෙන් එවැනි කටයුතු සිදුකිරීමෙන් වලකින ලෙස බස්නායක නිලමේවරයා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ඊයේ (06) පෙරහැරේ ගමන් ගත් අලින් දෙදෙනෙකුගේ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබු පුද්ගලයන්ගේ තත්වය බරපතළ නොවන බව කතරගම රෝහල පවසයි.

අලින් නොසන්සුන් වීමත් සමඟ දිවයාමටගොස් අනතුර සිදුව ඇතිබව කතරගම පොලිසිය පවසයි.

දිව යාමට ගොස් පුද්ගලයන් 13 දෙනෙකු එලෙස අනතුරට ලක්ව ඇතිබව පොලිසිය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Malar FM

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

Malar FM

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Malar FM