Local NewsNews

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

අද(21) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම පුද්ගලයින් පස් දෙනා ද  කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙතෙක් වාර්තා වු ඉහළට කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ(20) දිනය තුළ වාර්තා විය.

ඒ ආසාදිතයින් 33 ක් ලෙසයි.

ඊයේ දින අවසන් වරට හමුවු ආසාදිතයන් වාර්තා වුණේ පිළියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලින්.

ඉන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වූ අයෙකු බව වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා බොරලැස්ගමුව ප්‍රදේශවයේ පදිංචි කරුවෙක්.

ඊයේ වාර්තා වූ අනෙක් පුද්ගලයින් සියලු‍ දෙනා හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති කොළඹ 12 , කෙසෙල්වත්ත බන්ඩාරනායක මාවතේ  පදිංචිකරුවන්‍ වන අතර ඔවුන් නිරෝධායනට යොමුකර සිටි පිරිසක්.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි තවත් පවුල් 242 දෙකකට අයත් පුද්ගලයින් 1010 දෙනෙකු අද(21) යුද හමුදාව විසින් නිරෝධයන මධ්‍යස්තාන වෙත යොමු කළේය.

අද වන විට පුද්ගලයින් 209 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර සම්පූර්ණ සුවය ලැබු ගණන 98ක්.

පුද්ගලයින් 7 දෙනෙක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Malar FM

රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..

Malar FM

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Malar FM