NewsPolitical

තාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත‍්‍ර

තම පියාගෙන් පිරිමසා ගත්තේ 2015දී සෙල්ලම් රජවරුන් සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහුගේ පියා වන හිටපු ඇමැති රාජිත සේනාරත්න බන්ධනාගාර ගත කිරීමෙන් පසු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙම සිරගත කිරීම මාධ්‍ය සාකච්ඡාවක් වැනි සිදුවීමක් පදනම් කරගෙන සිදු වූවක් නිසා රාජිත සේනාරත්න ගේ දේශපාලනය සුපිරිසිදු බව ඔප්පු කර ඇති බව ද ඔහු කියා සිටියි.

අදාල සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි

තාත්තා නිදහස්…

(තාත්තා වෙනුවෙන් කම්පා වන සියලු දෙනා වෙත ලියමි… )

මේ සිරගත වීම,, මහා නිදහස් වීමක් බව මතක කිව යුතුයි.

මාධ්‍ය සාකච්චාවක්‌ වැනි සිදුවීමක් පදනම් කරගෙන සිරගත කිරීම ම..
රාජිත සේනාරත්න ගේ දේශපාලන සුපිරිසිදු බව ඔප්පු කරයි.

බෙහෙත් මාෆියාවන් ගැන මඩ ටොන් ගණන් අනමින්, සමාජ මාධ්‍ය වල තැවරූ තක්කඩින්, තමන්ගේ ම ලොන්ඩරි වලින් ඒ කුණු හොදා අවසන් කර ඇත.

එවැන්නක් ගැන රුපියලක හෝ වංචාවක් තහවුරු කර ගත නොහැකි තැන මෙවන් දුප්පත් නිමිත්තක එල්ලීම ගැන අපට ඇත්තේ හාස්‍යකි.

අප රාජ්‍ය දේපල හෝ මුදල් රුපියලක් හෝ අයතා ලෙස උපයා නොමැති බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය යයි මම නොසිතමි.

අල්ලස්, දූෂණ, කොමිස් පිළබඳ වරදකට මාගේ පියා හෝ මා හෝ අප පව්ලේ කිසිවෙකු පටලවා ගත නොහැකි වූ තැන, මේ බියගුළු හොර නඩය දරන අහිංසක උත්සාහය විහිලු සහගතය.

මේ දේශපාලන අඩන්තේට්ටම් රාජිත වැනි පුද්ගලයෙකුට කෙස් ගසක තරම්වත් බරක් නොදැනෙන බව දේශපාලන පුයර බබ්බුන් දැන ගත යුතුය.

අවසන එකක් කිව යුතුය.

සදා රජකම් කරන්නට සිහින මැවූ සෙල්ලම් රජවරුන් 2015 දී සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය, තාත්තා ගෙන් පිරිමසින බව අප කල් තියා දැන සිටි බවත්..

එහෙත්..

සත්‍ය වෙනුවෙන් සේනාරත්නලාගේ හඬ මේ පොලවේ, හෙට වඩාත් උස් හඩින් ඇසෙනු ඇති බවත් ය.

මම චතුර සේනාරත්න

– Chathura Senaratne FB
(under the courtesy of lankacnews.com news web)

Related posts

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

Malar FM

අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

Malar FM

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

Malar FM