NewsPolitical

මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් වී ඇති බවත් ඔහු පවසයි.

කොරෝනා වැලදී නොමැරී මැරුණ මිනිසුන්ට ආණ්ඩුව විසින් බඩට ගසමින් වතුර බිල් ලයිට් බිල් දුරකථන බිල් ආදී සියල්ල ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ ආණ්ඩුවට ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකක් දුනහොත් ජනතාවගේ කපන්න දෙයක් ඉතුරු කරන එකක් නැතැයි ද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී පැවති සාකච්ඡාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

Malar FM

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

Malar FM

GMOA බල පෙරලියක්.. පාදෙනිය සම්පූර්ණයෙන්ම ඉවතට.. දේශපාලනය අතහරී.. නොදන්නා දේට අත නොදායි… දීර්ඝ නිවේදනයක්…

Malar FM