NewsPolitical

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසුවේ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

1970 සිට රටට වැඩ කළත් අද රටේ ජනතාවගෙන් හොරා යන නාමය අසා ජීවත් වීමට සිදුව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළැයි ඔහු පැවසීය.

එම අභූත චෝදනා ගැන පරීක්ෂණ පවත්වා ඒවා පිරිසිදු කිරීමට ඉක්මනින් කටයුතු කරන බව තමා පැවසූ විට තමන් එතරම් කල් ජීවත් වේදැයි දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළ බවත් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසිදු වරදක් නොකළ යුද්ධය අවසන් කොට මිනී කඳු ගොඩගැසීම අවසන් කළ මිනිසෙකුගේ චරිතය ඝාතනය කිරීම තරම් පව්කාර වැඩක් තවත් නැතැයි ද ඔහු පැවසුුවේ කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…

Malar FM

කොරොනා එන්නත ජනතාවට දීම ලගදීම

Malar FM

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

Malar FM