Local NewsNews

ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..

යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් තොණ්ඩමනාරු උතුරු ප්‍රදේශයේ නාවික සැතපුම් 11 ක් පමණ නුදුරින් වූ මුහුදු තීරයේදී අදාල සැකකරුවන් සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් රහසිගතව උතුරේ පදිංචි වීමට පැමිණ ඇති අතර එම දෙදෙනාගෙන් එක් අයෙකුට ස්වසන අපහසුතාවයක් හා පපුවේ වේදනාවක් හේතුවෙන් පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට එම පුද්ගලයාට කොරෝණා වැළඳී ඇත්දැයි යන්න පරික්ෂා කිරීම සඳහා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කොට ඇත.

ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සිංවිධානයේ සිටි ප්‍රභලයෙකු බවට අනාවරණය වී ඇති අතර යුද සමයේදී ඔහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගොස් නැවත යාපනයට පැමිණීමට උත්සහ දැරීමේදී මෙසේ අත්අඩංගුවට පත්වීය.

එමෙන්ම රෝහලගත කල පුද්ගලයාට අමතරව අනෙක් තිදෙනාද මේ වන විට ආරක්ෂිත ස්ථානයක නිරෝධායනයට ලක් කොට ඔවුන්ද පී.සීආර් පරික්ෂණයක් සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් යාපනය වැල්වැටිතුරෙයි හා මුලතිව්හි පදිංචිව සිට ඉන්දියාවට ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා රැගෙන ඒමට සහය දුන් සැකකරුවන් දෙදෙනා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනය වීමෙන් පසුව වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Malar FM

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Malar FM

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයි

Malar FM